User talk:ආරියපාල හේවගේ

About this board

ආගම් පිළිබඳ ගවේශණයේදී “කාලය“ අවධාරණය කළයුතුය

1
ආරියපාල හේවගේ (talkcontribs)

විශ්වයට කාලයක් නැත.කාලය යනු උපකල්පනයකි. සාපේක්ෂකව අපි කාලය පිළිබඳ නිගමනයන් කරන්නෙමු.

Reply to "ආගම් පිළිබඳ ගවේශණයේදී “කාලය“ අවධාරණය කළයුතුය"

දුක සහ සැප යනු කුමද්ද?

1
ආරියපාල හේවගේ (talkcontribs)

දුක යනු පැවතීමට නොහැකි තත්වයට පත්වීමයි. සැප යනු පැවතීමට හැකි තත්වයට පත්වීමයි.උදාහරණ:ඔබ අසුනක වාඩිවී සිටින අවස්ථාවක ඔබගේ පාද දණහිස ලගින් නැවී සිටින ඉරියව්වකින් බොහෝ වේලා සිටින කල්හි ඔබගේ පාද තබා සිටින ඉරියව්ව ඔබට අපහසුවක් නැතහොත් වේදනාකාරි හැඟීමේ තත්වයක් ඔබ සිතට ඇති කරයි.ඒ සමගම ඔබට ඔබේ සිත ක්‍රියාවකට පොළඹවමින් පාද ඉරියව්ව වෙනස් කිරීමට ඔබව පොළඹවයි ඒ සමගම ඔබ පාද දිග හැරීම සිදු කරයි.එසේ කරන විට ඔබට නව සුවයක් ඇති කරයි.මෙම ක්‍රියාවලියේ සත්‍ය අර්ථය කුමද්ද? පාද නවාගෙන සිටින විට පාදයේ පහළ කොටසට පහසුවෙන් රුධිරය ගලායාම අවහිර වෙයි.එසේ සිදු වෙද්දී පාදයේ පහළ කොටසේ මැරෙන ශෛල නැවත ඇතිවීම ඇනහිටී.මෙයින් අදහස් කරන්නේ පාදයේ පහළ කොටසට පැවතීමට නොහැකි තත්වයක් උදාවීමයි රුධිරය අවහිර වීමෙන් ඇති කලේ වේදනාවකි එය දුක ලෙස දැන් අපට හදුනා ගත හැකියි.රුධිරය අවහිර වීමෙන් සිදුවුනේ පැවතීමට නොහැකි තත්වයට පත්වීමයි.ඉරියව් වෙනස් කිරීම හෙවත් රුධිර අවහිරය ඉවත්කිරීම නැවත පැවතීමට අවස්ථාව ලබාදී ඇත.අවහිරය ඉවත්කිරීම යනු සැපයයි එනම් සැප යනු පැවතීමයි.මෙම උදාහරණය සියල්ලටම පොදුය. දුක සැප යනු එකම රේඛාවක දෙකලවරය. කරුණු මෙසේ හෙයින් මෙම කරුණු දෙකින් එකකට පමණක් කිසිවෙකුට යා නොහැකිය.

Reply to "දුක සහ සැප යනු කුමද්ද?"
There are no older topics